මිනිසා තම ජීවිතය
තුළ ආධ්‍යාත්මික බලවේගයන්ට මුල් තැනක් ලබාදෙයි. ඒ අනුව උපතේ සිට මරණය දක්වාම
සිදුවන සියලු භෞතික හා අභෞතික කාරණා මිනිසා අදෘශ්‍යමාන බලයන්ට බාර කරයි. මේ සියල්ල
සමඟ බැඳුණු වත් පිළිවෙත් ගනණාවක් ලෝකයේ
විවිධ ජන කණ්ඩායම් අතර හඳුනාගන්නට ලැබෙන අතර බොහොමයක් දේවල් වඩාත් සුවිශේෂී
අන්දමින් හඳුනාගත හැකියි. මේ කතාව එවන් සුවිශේෂී වන්දනා ක්‍රමයක් ගැනයි.
තායිලන්තයේ
බැංකොක් නුවරට බටහිරින් පිහිටි ස්වැන්ග් ඇරොම් විහාරයේ සිදු කෙරෙන බෝනික්කන් හට
වන්දනා කිරීමේ ක්‍රමය තවත් සුවිශේෂී වන්දනයක් බවට පත්ව තිබේ. මේ විහාරයේ බුද්ධ ප්‍රතිමා
සහ දේව ප්‍රතිමා තිබුණත් බැතිමතුන් වැඩිපුරම පුද පූජා පවත්වනුයේ වෙනත් පිරිසකටයි.
ඒ පෞරාණික ඇඳුම් පැළඳුම්වලින් සැරසුණු බෝනික්කන්ටය. මේ බෝනික්කන් කුඩා දරුවන්
සෙල්ලම් කිරීමට ගන්නා බෝනික්කන් නොවේ. නූපන් දරුවන්ගේ ආත්ම ජීවත්වන දේවදූතයන් මේ
බෝනික්කන් තුළ සිටින බව ඔවුන්ගේ පිළිගැනීමයි.
නමුත් මෙබඳු කෘත්‍රිම
භාණ්ඩයක් තුළ දේවදූතයෙකුට සිටිය හැකිද ? තායිලන්ත වැසියන්ගේ බෝනික්කන් පිළිබඳ
විශ්වාසය පිටරැටියන්ට මෙසේ ගැටලු මතු කරයි. තායිලන්ත වැසියන්ගේ නිවෙස් තුළ අවුරුදු
4-5 ක කුඩා දරුවකුගේ පෙනුමැති බෝනික්කෙකු වාඩිකරවා සිටියි. නිවැසියන් මේ බෝනික්කන්
ජීවය ඇත්තවුන් මෙන් සලකා පුද සත්කාර කරන අතර ආහාර පාන යනාදියද පූජා කරන්නට පෙළඹ
තිබේ. මේ පූජාවන් නිසා තම ජීවිතයට සෞභාග්‍ය උදාවන බව තායිලන්ත වැසියන්ගේ
විශ්වාසයයි.
දෙවන ලෝක
යුද්ධයෙන් පසු මෙම වන්දනයට තායිලන්ත ජනයා පෙළඹී ඇති බවට පිළිගැනේ. කෙසේ නමුත් අද
වන විට මේ අපූරු දේවදූත බෝනික්කන් තායිලන්තයේ හොඳ ආදායම් මාර්ගයක් බවට පත්ව ඇති
බවද නොරහසකි.
මධුෂානි දයාරත්න


hoda lipiyak
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete