එදා මෙන් නොව අද ලෝකය කරකැවෙනුයේ වෙනත් අතකටය. සියල්ල කණපිට පෙරැලී ඇත. මේ
කතාවද එලෙසින් කණපිට පෙරළුණු සුවිශේෂී දෙයක් ගැනයි. එනම් විවාහයයි. විවාහය ගැන අප
නොයෙක් කතා අසා ඇත්තෙමු. නමුත් දැන් දැන් අසන්නට ලැබෙන්නේ අමුතුම ආකාරයේ විවාහයන්
ගැනයි.
ඒ අතරින් ළමා විවාහ කෙරෙහි මුළු මහත් ලෝකයක් කතාබහ කරයි. Save the Children සංවිධානයේ නවතම
පර්යේෂණයන්ට අනුව සෑම තත්පර 7කට වරක්ම වයස අවුරුදු 15ට අඩු ගැහැනු දරුවන්ගේ විවාහයක්
සිදුවන බව සොයාගෙන තිබේ.
මේ ආකාරයට ළමා විවාහ බොහොමයක් ආසියානු සහ අප්‍රිකානු රටවල සිදුවන
බව හඳුනාගෙන තිබේ. ඒ අනුව ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව සහ යේමනය වැනි රටවල
මෙලෙස වයස අවුරුදු 15ට අඩු ගැහැනු දරුවන් බලහත්කාරයෙන් වයසින් වැඩි පිරිමින් හට
විවාහ කරදෙන බව හෙලිදරව් වී ඇත. මෙම ළමා විවාහහේතුවෙන් ලොව පුරා බොහෝ රටවල ගැහැනු
දරුවන් මිලියන ගණනින් අනාථ වන බව සරල යථාර්තයයි. ඇතැම් දුගී දුප්පත් පවුල්වල
දෙමාපියන් තම ගැහැනු දරුවන් බලහත්කාරයෙන් වයසින් වැඩි පිරිමින් හට විවාහ කර දෙන්නේ
ජීවන වියදම අඩු කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. නමුත් මෙය යුක්ති සහගත නොවන්නකි.
කාන්තාවකගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් ලෙසින් විවාහ දිවිය
හඳුනාගත හැකියි. නමුත් කුඩා දැරිවියන් හරිහැටි ජීවිතයේ අරුතවත් නොදැන කුඩා වයසේදීම
විවාහයට මුහුණදීම දරුණු ඛේදවාචකයකි. ලෝකය ජාත්‍යන්තර ගැහැනු ළමුන්ගේ දිනය සමරයි.
නමුත් මෙවැනි දූෂිත ක්‍රියාවලි හෙළා දකින්නට ලෝකය මැලි වෙයි.
හෙට ලොව පූදින්නට වෙර දරන පුංචි මල් කැකුළු දරුණු බඹරුන්
විසින් තලා පෙලා දමනු ලබයි. මේ අසම්මත ලෝකය තුළ සිදුවන මෙබඳු අකටයුතුකම් දෙස ලෝකයා
සාධාරණ ආකාරයකින් දකින්නට යම් මැලිකමක් දක්වනවා විය හැකියි. නමුත් ලෝකයාට මේ උමතු
බවින් මිදෙන්නට නොහැකි වුවහොත් හෙට දිනයේ තවත් සිඟිති දියණියක ලොවට බිහි නොවනු ඇත.
මධුෂානි දයාරත්න


hoda lipiyak
ReplyDeletehoda lipiyak,kalinawa wadagath
ReplyDelete