Wednesday, 2 August 2017

අරුම පුදුම කොණ්ඩ විලාසිතා



අපේ විලාසිතා ලෝකෙට මොහොතින් මොහොත දවසින් දවස අපූරු අලුත් දේවල් එකතු වෙනවා.ඉතින් මේ කියන්නට හදන්නේ ඒ විදිහට අලුතින්ම එකතුවුණු විලාසිතාවක් ගැන. තරුණියන්ගේ විලාසිතා ලෝකෙට එක්වුණු කොණ්ඩ විලාසිතාවක් ගැනයි මේ කතාව.

ලස්සන කෙස් කළඹක් කියන්නේ තරුණ යුවතියකට අපූර්ව ආභරණයක්.ඉතින් මේ ආභරණය තව තවත් හැඩ වැඩ කරගන්නට මොවුන් නොයෙක් විලාසිතා සිදු කරන අතරම අලුත් විදිහේ විලාසිතාවන් අත්හදා බලනවා. මේ විලාසිතාවනම් ටිකක් වෙනස්ම විදිහක විලාසිතාවක්. කෙස් කළඹින් සත්ත්ව රූප මවන විලාසිතාවක් තමයි මේ. හැබැයි ඉතින් මේ විලාසිතාව මොන වගේ අවස්ථාවකට ගැළපෙනවද කියන එක ගැන නම් දෙපාරක් හිතල බලන්නම වෙනවා. කොහොම වුණත් මේ විලාසිතාව විලාසිතා ලෝකෙට අලුත්ම දෙයක් බව නම් පැහැදිළියි.


5 comments:

කුරුමාණම් පැංචා

                               ඡායාරූපය - මධූෂානි දයාරත්න