වර්තමානය වන විට ඡායාරූප කලාව ගතානුගතිකත්වෙයන් මිදිලා. ස්මාර්ට්
ෆෝන් ඡායාරූප සඳහා සම්මාන හිමිවන තරමට එය කලාවක් වශයෙන් ලොව ප්‍රචලිත වෙලා. ඒ
නිසාම ස්මාර්ට් ෆෝන් එකෙන් සෙල්ෆි ගහන කලාවට වඩා එහා ගිය අපූරු කලාවක් ගැන අදහසක්
මේ ලිපියෙන් දිග හැරෙනවා.
මේ වනවිට ලොව පුරා වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය , විලාසිතා ,
විවාහ ඇතුළු විශේෂ උත්සව අවස්ථා ආවරණය කිරීමට වෘත්තීය මට්ටමේ ඡායාරූප ශිල්පීන් පවා
ස්මාර්ට් ෆෝන් භාවිත කරනවා. ඒ සඳහාම වෙන්වුණු සුවිශේෂ ඇප්ස් පවා හඳුන්වා දී
තිබෙනවා.
අද වන විට බොහෝ දෙනෙක් ළඟ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා . බොහෝ දෙනෙක් මේ
ස්මාර්ට් ෆෝන් එකෙන් පින්තූර ලබා ගන්නවා. ඉතින් ස්මාර්ට් ෆෝන් එකෙන් පින්තූර ගන්නා
විට කැමරාවේ settings
ගැන සැලකිලිමත් වීම වැදගත්. බොහෝමයක් ස්මාර්ට් ෆෝන්වල කැමරා settings ගැන youtube එකෙන්ද තොරතුරු ලබාගන්නට
පුළුවන්. පින්තූර ලබාගෙන settings හරහා apply කරන දේවල් පින්තූරයට
සිදු කරන බලපෑම පිළිබඳව අවබෝධයක් අපිට තියෙන්නට ඕන.
![]() |
සොබාදහම පින්තාරු කරන්නේ ආලෝකයෙන්.
එනිසා ආලෝකයෙන් විවිධ රූප මැවෙනවා. ඒ අපූරු අවස්ථා අපට කැමරාවට හසු කර ගන්නට
පුළුවන්. ඉතින් තමන් ළඟ තියෙන ස්මාර්ට් ෆෝන්එක භාවිත කරල දක්ෂ ඡායාරූප ශිල්පියෙක්
වෙන්න අපට පුළුවන්. වැදගත් වන්නේ අප සතුව තිබෙන නිර්මාණශීලීත්වයයි.
![]() | |||



vedagath lipiyak
ReplyDeleteharima wadagath
ReplyDeletewadagath lipiyak
ReplyDelete