මිහිමත තම ජීවය
සනිටුහන් කල
මොහොතේ පටන් ගතවන
මේ
තත්පරය
දක්වාම
මිනිසාත්
සොබාදහමත්
අතරපවතිනුයේ
අවියෝජනීය
සබඳතාවකි.
මානවපරිණාමයේ මුල්
අවධියේ
දී මිනිසා
සහ
සොබාදහම
අතර
යහපත්
සබඳතාවක්
පැවති
නමුත්
ඔවුන් තම අවශ්‍යතා
සංකීර්ණවත්ම සොබාදහම හසුරවාලන්නට
පෙළඹුණි. ඒ
අනුව සීමා
මායිම්
ඉක්මවා ගිය
නූතන
මිනිස්
ශිෂ්ටාචාරය
තුළ කොන්ක්‍රීට්
වනාන්තරයක
මිනිසා
සිරගත වුවද
තවමත් මිනිස්
මනස
එහි
සිරගත වී
නොමැත. ගහක , මලක , දියඇල්ලක
අපූරු
දසුනක්
කොන්ක්‍රීට්
බිත්ති මත
රඳවාලන්නට
මිනිසා
පෙළඹෙනුයේ
එනිසාවෙනි.
මෙම මානසික
විශ්රාන්තිය
ළඟා කරගැන්ම
උදෙසා
මිනිසා
නිරායාසයෙන්ම
සොබාදහම
වෙත සමීපවන
අතර
අද
වන
විට ඒ
අපූර්වත්වය එලෙසින්ම මිනිස් හදවතේ
සේයා කරන්නට
ඡායාරූප ශිල්පියා
සමත් ව ඇත. එය
සොබාදහම්
ඡායාරූපකරණය
ලෙස හඳුන්වාදීමට
පුළුවන.
ඕනෑම කෙනෙක්
කැමරාවක්
අතට ගත්විට
එක්වනම
ඇස
යොමු වනුයේ
පුද්ගල රූප
හා
පරිසරය
කෙරෙහිය.
පරිසරය යනු
පෙනෙන
සීමාවේ
වටපිටාවයි. එය
ස්වභාවික
හෝ සකස් කරන
ලද හෝ විය
හැකිය.
සොබාදහමේ අපූර්ව දායාදයන් හිත නිවාලීමට සමත්වන
දසුන්
මවයි. එසේම
මිනිසාවිසින්
නිර්මාණය කරන ලද සුන්දරඋද්යාන , ගම්මාන ද කැමරා නෙතට
හසුවීමෙන්
මවන
සේයාවන්
ද
නෙත සිත
පිනවයි.
බොහෝ
දෙනාගේ
කැමරා
ඇස
පරිසරයේ
සුන්දරත්වය
ඡායාරූපයට
නඟනු ලැබූවද නොයෙකුත්
අවස්ථාවන්හිදී එය පූර්ණ අවබෝධයකින් තොරව සිදුකරනු ලබන
බව ද හඳුනාගත
හැකිවේ. ඒ අනුව ගුණාත්මක භාවයෙන් ඉහළ සොබාදහම්
ඡායාරූපකරණය
සම්බන්දව
අදහසක්
සැපයීම
මෙම
ලිපියේඅරමුණයි.
සොබාදහම්
ඡායාරූපකරණය
ඉසව්
කිහිපයක්
යටතේ
හඳුනාගත
හැකිය. භූමි දර්ශන , සත්ත්වඡායාරූප, දිය යට පරිසරය ,
මල්
හෝ ගස්වල
රටාවන් ඉතා
සමීපව ගන්නා
ඡායාරූප
හඳුන්වාදිය හැකිය. සොබාදහම්
ඡායාරූපකරණයේ
දී ගස්වැල්
හා
සතුන්
පිළිබඳව ,
ඔවුන්ගේ
හැසිරීම්
හා
වාසස්ථාන
පිළිබඳව
අධ්‍යයනය
කිරීම
වැදගත් වේ.
එමඟින් ලබාගත හැකි ඡායාරූප
මොනවාදයන්න
තීරණය කළයුතු වන්නා සේම
එම
පරිසරයට
ඡායාරූප
ශිල්පියා
අතින් හානියක්
සිදුනොවීමට
ද වග බලා ගත
යුතුය.
එසේම සොබාදහම
ඡායාරූපයට
නගනු ලබන්නා
සොබාදහමට ආදරය කරන්නෙකු
ද වියයුතුය. සොබාදහම් ඡායාරූපකරණයේදී භාවිත
කරනු ලබන කැමරා
පිළිබඳව දැන
සිටීම ද
වැදගත් වේ.
සොබාදහමේ අපූර්ව අවස්ථා ඡායාරූපයකට
නඟන්නට කැමැත්තක්
දක්වන
අයෙකුට ඉතා
උසස්
පහසුකම් සහිත කුඩා ඩිජිටල් කැමරා
භාවිත කළ
හැකි
අතර
ඒවායෙහි
ඇති
ඡායාරූප ග්‍රහණය
කිරීමට
වැදගත් වන
සංවේදකය
පිළිබඳව
මූලිකවම
සොයාබැලිය
යුතුය. එවැනි
සංවේදකයක
අඩංගු ආලෝකය
ග්‍රහණයකර ගන්නා කුඩා ඒකක වන මෙගා පික්සල් ප්‍රමාණ ඡායාරූපයේ
ගුණාත්මකභාවය තිරණය වන
ප්‍රධාන
සාධකයකි.
අඩු
මෙගා
පික්සල්
ප්‍රමාණයක්
ඇති
කැමරාවකින්
ලබාගන්නා ඡායාරූප
එතරම්
විශාල කළ
නොහැකිය.
මෙගාපික්සල් 14 ක 16 ක පමණ
සංවේදක
සහිතව
සාමාන්‍ය
තත්ත්වයේඡායාරූප ලබාගැනීමටහැකිවේ. කැමරාකාචයපිළිබඳඅවබෝධය ද වැදගත් වේ. මෙහිදී
යුමුහු බලය
කෙරෙහි
අවධානය
යොමු කෙරේ.
යුමුහු බලය තුන්
ගුණයක් පස් ගුණයක්,
දහ ගුණයක් (3×,5×,10×)වේ. මෙම
බලය
වැඩිවනවිට
දුර
ඇති
අරමුණක්
වඩා
විශාල කර,
සමීපකර ලබාගත හැකිවේ.
මෙම අවශ්‍යතාව
මෙන්ම
ආලෝකය ග්‍රහණයකර
ගැනීම
ආදී සියල්ල
වර්තමානයේ දී ඩිජිටල්
කැමරා තාක්ෂණය
මඟින් පහසුකර තිබේ.
වර්මානයේ භාවිතවන කැමරාවල ආලෝක
පාලනය
ස්වයංක්‍රීයව
සිදු
වේ. විවිධ
ස්ථානවල හා
විවිධ
අරමුණුවල
ඡායාරූප ගැනීම සඳහා
තෝරාගත හැකි
අනාවරණ
පාලන ක්‍රම
විශාල ප්‍රමාණයක්
ඇත. මෙම සාධක
කුඩාපරිමාණ කැමරාවලට
අමතරව
ඩිජිටල්
ඒක
කාච ප්රතිඡායා
කැමරා සඳහා
ද
සරිලන
අතර
කැමරා
මාදිලිවල
ආධුනික හා
අතරමැදි
මට්ටමේ
කැමරාවල බොහෝ
ස්වයංක්‍රීය
අනාවරණ
ක්‍රම
දක්නට ලැබේ.
ඒ අනුව
දිනෙන්
දින තාක්ෂණික
දියුණුව
හරහා
ඡායාරූපකරණයට
දායාද
වන
කැමරා මඟින්
උසස් තත්වයේ
ඡායාරූප ලබා
ගැනීමට අවශ්‍ය
බොහෝ
පහසුකම්
සැපයෙන
බව
හඳුනාගත
හැකිය. කෙසේ නමුත් කුමන
ආකාරයක
කැමරාවක්
භාවිත කළද
අවශ්‍ය ස්ථානයට
හා
අරමුණුවලට
ගැලපෙන ක්‍රමය තමා
විසින්ම
විවිධ
අත්හදා
බැලීම්
සිදුකරමින්
වටහාගත
යුතුයි. සොබාදහම්
ඡායාරූපකරණයේදී
මෙය වඩා
වැදගත්වනු ඇත.
බෙහෙවින් ඡායාරූප
ලබාගනිමින් , අඩුපාඩු පවතින්නේනම්
ඒවා
හඳුනා
ගනිමින් , අත්දැකීම් හරහා
අදාළ
පරිසර
තත්ත්වයන්ට හුරුවීමෙන්
සාර්ථක සොබාදහම් ඡායාරූපශිල්පියෙකු
වීමට හැකිවනු ඇත.
මෙම විශ්මිත
ශිල්පක්රමයේ රසමුසු තැන්
මෙතෙකැයි
කියා
නිම කළ
නොහැක.මෙය
ප්රවිශ්ටයක්
පමණි.
එනිසාවෙන් තවත් දවසක තවත්
ලිපියකින් කැමරා ඇස ගැන
රසබර
කතාවක්
දිගහැරෙනු ඇත.
මධුෂානි දයාරත්න
මධුෂානි දයාරත්න


Agana adahas pelak
ReplyDeleteGana adahas pelak
ReplyDeletehoda lipiyak
ReplyDeletehoda lipiyak
ReplyDeleteWe must protect nature
ReplyDelete