Tuesday, 8 August 2017
Sunday, 6 August 2017
Saturday, 5 August 2017
ඇයයි සිරිකත ගමකට
ඈත ගම් පියසක සොඳුරු වන ලැහැබක
කටුමැටියා හෙවනක ගෙවන දිවි ඇය
කෙත වවපු බතකට පොළොස් ඇඹුලක් යහමෙට
තැලුණු ලුණු මිරිසට පිනයි දිව කාගෙත් හනිකට
හැරමිටිය කොටවුන මකයි ඇගෙ තනිය නොතනිය
කෙස් වැටියට ඉන ඇඳුණු රෙද්දට
රැළි වැටුණ මුහුණට වඩා පිරුණු හදවත
කාගෙ කාගෙත් හිත්වල ඇතිය ඇගේ ඒ හොඳ
අමාවක දවසට දරයි සිල් රෙදි ඇඟ වට
හඬනඟා යහමෙට කියයි බුදු බණ සද්දෙට
නිවන් පුර යන්නට පතයි ඈ හැමවිටකම
කවුරු කවුරුත් හඳුනන ඇයයි සිරිකත ගමකට
Wednesday, 2 August 2017
Face book මහ ගෙදර
නිතර යන එන සැරිසරන Face book ගැන
අපි ගොඩක් දේවල් දැනගෙන හිටියත් , මේ Face book මෙහෙයවන කාර්යාලය ගැන
නොදන්නවා වෙන්න පුළුවන්.
Face book සමාජ ජාල මාධ්‍යය වගේම Face book වැඩකටයුතු මෙහෙයවන
කාර්යාලයත් හරිම වෙනස් තැනක්. මේ කාර්යාල ව්‍යුහය නිර්මාණය කරල තියෙන්නේ සාම්ප්‍රදායික
කාර්යාල ක්‍රියාවලියෙන් බැහැර වෙලා. වඩාත් සිත්ගන්නාසුළු ආකාරයට සියලු අංශයන් නිර්මාණය කර තිබෙන Face book ප්‍රධාන කාර්යාලයේ
සේවක පිරිස නම් ගොඩක් කාර්ය බහුලයි.
Face book එක්ක අපි කරන වැඩ කන්දරාවත් එක්ක බලනකොට එහි සේවය කරන
සේවක පිරිසට පැවරෙන වැඩ කොයිතරම්ද කියලා අමුතුවෙන් කියන්නට වුවමනා නැහැ. මොනතරම්
වැඩ කොටසක් කරත් Face book ප්‍රධාන කාර්යාලයේ කාර්යමණ්ඩලය වැඩ කරන්නේ ගොඩක්
සතුටින්. ඒ Face book නිසාම ඔවුනට ලැබිල
තියෙන පහසුකම් නිසයි.
අරුම පුදුම කොණ්ඩ විලාසිතා
අපේ විලාසිතා
ලෝකෙට මොහොතින් මොහොත දවසින් දවස අපූරු අලුත් දේවල් එකතු වෙනවා.ඉතින් මේ කියන්නට
හදන්නේ ඒ විදිහට අලුතින්ම එකතුවුණු විලාසිතාවක් ගැන. තරුණියන්ගේ විලාසිතා ලෝකෙට
එක්වුණු කොණ්ඩ විලාසිතාවක් ගැනයි මේ කතාව.
ලස්සන
කෙස් කළඹක් කියන්නේ තරුණ යුවතියකට අපූර්ව ආභරණයක්.ඉතින් මේ ආභරණය තව තවත් හැඩ වැඩ
කරගන්නට මොවුන් නොයෙක් විලාසිතා සිදු කරන අතරම අලුත් විදිහේ විලාසිතාවන් අත්හදා
බලනවා. මේ විලාසිතාවනම් ටිකක් වෙනස්ම විදිහක විලාසිතාවක්. කෙස් කළඹින් සත්ත්ව රූප
මවන විලාසිතාවක් තමයි මේ. හැබැයි ඉතින් මේ විලාසිතාව මොන වගේ අවස්ථාවකට ගැළපෙනවද
කියන එක ගැන නම් දෙපාරක් හිතල බලන්නම වෙනවා. කොහොම වුණත් මේ විලාසිතාව විලාසිතා
ලෝකෙට අලුත්ම දෙයක් බව නම් පැහැදිළියි.
Tuesday, 1 August 2017
Subscribe to:
Comments (Atom)
-
සියපතක පෙති අතර සැඟවුණු රහස මම සෙව්වා.. පුංචි පිණිබිඳු සැඟවිලා එහි අගය නිම් නැතුවා.. මතුව ගිලිහුණු මලක් යැයි නුඹ ...
-
නිතර යන එන සැරිසරන Face book ගැන අපි ගොඩක් දේවල් දැනගෙන හිටියත් , මේ Face book මෙහෙයවන කාර්යාලය ගැන නොදන්නවා වෙන්න පුළුවන්. Face...
-
නින්දා නව බන්දා පද හින්දා උන් හින්දා කැන්දා මන බන්දා සිත දුන්දා තී ලන්දා මන්දා මං වින්දා ඒ ආලේ වැඩි හින්දා රන්දා කර ආදා ගෙන ...













