විළිබිය
නොහඳුනන යුගයක සිට විළි වසා ගැනීමට මිනිසා තබපු පියවර සාර්ථක වනුයේ ඇඳුම
මඟිනි. ඇඳුම් ආරම්භයේදී එයට නිසි අරුතක්
පැවති නමුත් ක්‍රම ක්‍රමයෙන් මේ ඇඳුම විවිධ විපර්යාසයන්ට ලක්වෙනවා. උත්සවයකට,
පන්සලට, නෑදෑ ගමනකට,මළ ගෙදරට , මඟුල් ගෙදරට ආදී වශයෙන් විවිධ අවස්ථාවන්ට අනුකූලව
විවිධාකාරයේ ඇඳුම් අඳින ආකාරයක් ලෝකයේ දක්නට ලැබෙනවා. අපේ රටේද අපට උරුම
සංස්කෘතියට අනුකූලව ඇඳුම් භාවිතය මුල් කාලයේදී සිදු වූ නමුත් අදවන විට මෙය වෙනස්
වන්නේ වෙනස්වන නවමු සංස්කෘතිය සමඟිනි.
රෙදි
අඩුවෙන් අඳින සුද්දාගේ ඇඳුමෙහි පටලැවුණු අප ඇඳුම් ලෝකයක අතරමංවනුයේ ඇඳුමෙහි අරුත
අමතක කර දමමින්. ඇඳුමෙන් වසාගත යුතු තැන් නොවසා සිටින්නටත් සංවරකම පසෙකලා විලාසිතා
පෙන්වන්නටත් අපේ ඇත්තන් පෙළඹෙනුයේ ගෝලීයකරණය නම් සුපිරි වාණිජ ගැටයට සිරවීම නිසයි.
පිටරැටියන්
නිරුවත පෙන්වන විටදී අපද අඟලෙන් අඟල නිරුවත ප්‍රදර්ශනයට ඉඩ සකසා ගනු ලබනවා. ලැජ්ජාව
පසෙකලා අලෙවිකරණය නම් ප්‍රෝඩාවට පහසුවෙන්ම හසුව සිටින්නේ සිංහලයා. මෙහිදී කාන්තාව
ප්‍රමුඛ වන අතර ඇගේ නිරුවත වෙළඳ භාණ්ඩයක් බවට පත්ව තිබෙනවා. කෙසේ නමුත් කාන්තාවට
මෙයින් පීඩා විඳින්නට සිදුව ඇති බව නම් රහසක් නොවේ. කය පෙනෙන්නට ඇඳුම් අන්දන මේ
විපරීත සංස්කෘතිය නිසා හය හතර නොදන්නා ළමා ලෝකයේ සිට මහලු විය දක්වා සියල්ලන්ට අද
අර්බුද රැසකට මුහුණ දීමට සිදුවෙලා. ඒ අනුව දිනෙන් දින ඉහළ යන ස්ත්‍රී දූෂණ, ළමා
අපචාර වැනි හිංසනයන්ටද මේ ඇඳුම් විලාසිතාවන් හේතුවක් වී ඇති බවට හඳුනා ගැනෙනවා.
විළි බිය
සිඳීගිය වත්මන් සමාජය ඇඳුම් ඇඳීම වෙනුවට සිදු කරනුයේ එහෙන් මෙහෙන් රෙදි කෑලි එල්ලා
ගැනීමයි. මංගල උත්සව, වෙනත් සාදයන්, කානිවල් හා ක්ලබ් වැනි ඔද්දල් සංස්කෘතික
රටාවන් නිසා ගිලිහී යන ඇඳුම දෙස බලන විට සැබැවින්ම ලෝකයේ රෙදි නිෂ්පාදනයේ හිඟයක්
ඇති වී තිබෙනවාද යන සිතුවිල්ල ඇති කරනවා.
ගල්
යුගයෙන් මිදෙන මානවයා ක්‍රමයෙන් ශිෂ්ටසම්පන්න භාවයට පත් වනුයේ ඇඳුම සමඟිනි. නමුත් වර්තමානය වන විට
තත්ත්වය යළිත් වෙනසට ලක් වෙමින් පවතී . මිනිසා යළිත් වරක් ආපස්සට පරිණාමය වනවාද
යන්න සැක සහිතය. තිරිසනුන්ගෙන් වෙන්ව ඇඳුම් ඇඳ විළි වසාගත් මිනිසා අද තමන්ගේ අඟ
පසඟ මුළු ලෝකයටම පෙන්වීමට දරනුයේ මහත් වෑයමකි. මීට සියවස් ගනනාවකට පෙර ශිෂ්ට
සම්පන්න වූ මිනිසාත් තිරිසනාත් අතර වර්තමානයේ දී ලොකු වෙනසක් පවතින්නේද යන්න
පිළිබළඳ ව දෙවරක් සිතා බලන්නට සිදුව තිබේ.
මධුෂානි දයාරත්න